• img01
  • img02
  • img03
  • img04
  • img05
Monday, March 17, 2014

සදකඩ පහනක කැටයම් ඔපලා ගීතයේ තේරුම
( post number 04 Lalinda madava's blogspot වෙතින් )



සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ.... කියවලා බලන්නකෝ කොච්චර ගැබුරු හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා. සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්... සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී..... තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට, කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී... මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි. සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා, ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී.... මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා.. එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය, දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු... ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා, අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු... මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ... තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්, ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ... පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා, හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා.... තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න, මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා... මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්.. ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි, ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා.... මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා ....

 බුදු සරණයි!ඔන්න මන් ගියා.......

0 comments:

Post a Comment

About me

මගේ තියන දැනුම ඔබ සමග බෙදා ගැනීම සදහා මම මේ බ්ලොග් එක නිර්මාණය කල අතර කිසියම් වැරද්දක් ඇත්නම් කියන ලෙස මගේ බ්ලොග් එක කියවන සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි.හුගක් දුරට වැරදි අඩුපාඩු නොවන බැවින් අතපසු වීමකින් වැරදි සිදු විය හැක. මම මේ බ්ලොග් එක දැනට තනියම කරන නිසා ලගදීම තවත් එක මේ සම්බන්ධව මොලයක් ඇතුලත් කිරීමට අදහසක් ඇත. ඔබගේ යෝජනා චෝදනා comment මගීන් හෝ facebook හරහාද ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටමි.

Category 3

?max-results="+numposts+"&orderby=published&alt=json-in-script&callback=showrecentposts\"><\/script>");
?max-results="+numposts+"&orderby=published&alt=json-in-script&callback=showrecentposts0\"><\/script>");

Sponsors

Category 2

Receive all updates via Facebook. Just Click the Like Button Below

Powered By Blogger Widgets

?max-results="+numposts4+"&orderby=published&alt=json-in-script&callback=showrecentposts2\"><\/script>");

Category 1

Lalinda madava's blogspot © 2013 Designed by Premium Blog Templates Supported by Best Blogger Templates