• img01
  • img02
  • img03
  • img04
  • img05
Tuesday, March 18, 2014

Slide Show එකක් ලේසියෙන් නිර්මාණය කරගමු 
( post number 06 Lalinda madava'sblogspot වෙතින් )

කොහොමද යාලුවනේ දැන් ටික ටික අවුරුද්දත් කිට්ටු වෙනවනේ ඉතින් දැන් ගෙවල් වල අස්පස් කරන වඩා එහෙම පටන් අරන් අපෙත් මේ දවස් වල බරටම වැඩ..ඔයාලටත් මේ දවස් වල කාර්යබහුල ඇතිනේ..මන් විකාර කතා කියන්නේ නෙතුව වැඩේට බහින්නම්කො...
අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ලේසියෙන්ම slide show එකක් කරගන්න පුළුවන්
 සොෆ්ට්වෙර් එකක් ගැන...මේකෙන් ලස්සනට ඔයාලට ඕනැ විදිහේ blackground දාල එහෙම වැඩේ කරන්න පුළුවන් ඉතින් ඔයාලත් මේකෙන් slide show ව්කක් හදල බලන්නකෝ....

මේකට key එකක් ඉල්ලු වොත් lalindamadava කියලා දෙන්න..
  
මෙතනින් බාගෙනම බලන්නකෝ.....
         Wondershare DVD Slideshow Build Softwear

මේකත් බාගන්න මේ එකේ key එක            
        Wondershare_DVD_Slideshow_Buil key

ඔයාලගේ අදහස් මට යොමුකරන්න එකෙන් පොස්ට් ලිවීමට මට දිරියක් වනු ඇත.මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනම් comment එකක් හරි facebook මේ ලින්ක් එකට message එකක් දාන්න...ඔයාලට බුදු සරණයි! සුබ සතියක් වේවා........

හොඳ computer එකක් ගන්නේ කොහොමද ?
( post number 05 Lalinda madava's blogspot වෙතින් )

ගොඩක් අය පරිගණකයක්  ගන්නකොට උත්සාහ කරන්නේ දැනට තියන හොදම computer එක ගන්න හදන එක. ඒ අය හිතන්නේ එහෙම ගත්තහම සැහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන් කියලා වගේම අනිත් එක්කෙනාට වඩා ලොකු එකක් ගැනීමේ  අදහසත් ඒ අය ළඟ තියනවා . ඔබ අද ගත්ත computer එක මේ මාසේ තියෙන හොදම computer වෙන්න පුලුවන්. එත් මතක තියාගන්න මාසෙකින් පස්සේ ඔය computer එක පරණ බව. ඒ හින්ද තමාට තමාගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි තෝරාගන්න උත්සහ කරන්න . ඒ විතරක් නෙමේ මේ ගැනත් සිතන්න.

Processor / CPU / Central Processing Unit

මේක තම පරිගණකයක  වැදගත්ම කොටස . දැන් නම් Market (වෙළද පොලේ) එකේ තියෙන්නේ Core 2 Duo / Core i3 / Core i5 / Core i7 මේ වගේ Processors තමා . මේවා වලින් Intel සමාගමට අනුව Desktop/Laptop පරිගණක සදහා තියන ඉහලම Processor එක Intel Core i7 Processor එක . එහි වේගය හා එහි ඇති තාක්ෂණයන් ඉහත තියෙන හැම Processor එකකකටම වඩා ඉහළින් තිබීම තමා ඒකට හේතුව . නමුත් තමන් පරිගණකයක කරන වැඩ අනුව ගැලපෙන processor තෝරාගන්න ටිකක් හිතලා බලන්න ඕනේ. මොකද මේවා මිල ගනන් වලින් වෙනසක් හා වේගය අතින් වෙනසක් තියෙන්නවා. ඒ විතරක් නෙමේ, Processors වල තියෙන්නවා Cache Memory (L1, L2, L3)කියල කොටසක්, ගොඩක් කට්ටිය මේ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ . දැනට නම් Cache Memory 1MB – 12 MB දක්වා අලුත් CPU වල තියෙන්නවා. Cache Memory වැඩි වෙන තරමට පරිගණකයේ වේගය හොඳ මට්ටමක තියාගන්න පුලුවන් , නමුත් Cache Memory වැඩිවෙත්ම එම Processor එකේ මිල වැඩිවෙන බව මතක තියා ගන්න. අපි මෙහෙම හිතමුකෝ , ඔන්න අපි කඩේකට ගියා , Processor වර්ග 2 ක් තියෙන්නවා
Intel Core 2 Duo 2.9 GHz [ 2 MB Cache Memory ] – Rs. 20000.00
Intel Core 2 Duo 3.2 GHz [ 4 MB Cache Memory ] – Rs.20000.00
මේ වගේ වෙලාවක ඔය තෝරාගන්න ඕන 4 MB Cache Memory එකක් තියෙන Processor එක. මොකද දන්නවද ? මේ Processor 2 වැඩ කරන කොට පැහැදිලි වෙනසක් Intel Core 2 Duo 2.9 GHz [ 2 MB Cache Memory ] වලට වඩා Intel Core 2 Duo 3.2 GHz [ 4 MB Cache Memory ] බලගත්තහැකි . නමුත් මෙය යලිත් වෙනස් වෙනවා තමන් එම පරිගනකයේ කරන වැඩ අනුව.
තවත් CPU වල එන දෙයක් තමයි Core ගණන. මෙයින් අදහස් කරන්නේ එක CPU/Processor එකක් තුල Processor කීපයක් තීබීමයි.  උදාහරණයක් ලෙස අපි Intel i7 CPU එකක් ගත්තොත් එහි Core 2කේ සිට 6දක්වා තියනවා. මෙයිනුත් පේනවා i7 එකක් ගැනීමෙන්  පමණක් පරිගණකය වේගවත් නොවන බව,  i7 CPU එකේ විවිධ මාදිලි තියන බව, එයින් තමන්ට ගැලපෙන processor එක  එහි මාදිලි අනුව තෝරාගන්න ඕනේ කියන එක.  Intel Core i5 චලද Core 2 කේ සිට 4 දක්වා තියනවා. සමහර විට i5 core 4 ඇති එකක වේගය i7 core 2 අකක් ඇති එකකට වඩා වැඩි වෙන්න පුලුවන්.  අලුතෙන් එන Sandy Bridge තාක්ෂණය යොදාගන්න Intel CPU වල VGA පවා දැන් එනේ CPU එක තුලයි.  මේවාත් CPU එකක් ගැනීමේදි සැලකිලිමත් වෙන්න ඕනේ දේවල්.

Ram / Random Access Memory / Main Memory

Processor එක ලගට වැදගත්ම දෙයක් RAM/ මේයට Main Memory කියල ද කිනවා. Ram එක අදාල තරමට තිබීමෙන් computer එකේ වේගය හොඳින් පවත්වාගන්න පුලුවන්. නමුත් ඕනෑවට වඩා RAM තිබීමද තේරුමක් නෑ. Processor කොපමණ වේගවත් වුනත්  අදාල වැඩසටහන් හා OS එක වැඩ කරන්න උවමණා කරන ප්‍රමාණයට RAM නැතිනම් පරිගණකය මන්දගාමී වෙයි.  Windows 7 පරිගණකයකට 4GB Ram ප්‍රමාණවත් වෙයි. 4GB සදහා ඔබට Install කරන්න වෙන්නේ 64 Bit Operating System එකක්. 32 Bit Operating System එකක්ක පාවිච්චි කල හැකි උපරීම RAM දාරිතාව වෙන්නේ 3.5 GB . නමුත් පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ Onboard VGA එකනම් ඉතුරු RAM ප්රනමාණය VGA එකට ගන්න කියල කියන්න පුලුවන් , ඔබගේ Motherboard එක ඒ සදහා සහය දක්වනවා නම් . ඒ විතරක් නෙමේ 4GB Ram ගැහුවොත් 2GB Card 2 එකක් යොදාගන්න. Ram card 2 කක් නම් එකම වර්ගයේ එකම ස්පීඩ් එක තියෙන RAM වර්ග තොර ගන්න. අදාල Motherboard එකකේ සහය දක්වන RAM වේගයන් සදහන් වෙනවා. ඒ අනුව ගැලපෙන් RAM එක තෝරාගන්න.

HDD / Hard Disk Drive / Solid State Drive

අපේ පරිගණකයේ අපිට අවශයය  සියලුම දත්ත හා තොරතුරු ගබඩා කරන්නේ Hard Disk එකේ කියල අපි හැමෝම දන්නා කරුණක්. නමුත් ගොඩක් අය දන්නේ නැති දෙයක් තමයි දැනට පරිගණකයක තියන වේගය අඩුම කොටසත් මේක කියලා. මෙය නිසා ඔබේ පරිගණකයක CPU/RAM කොපමණ වේගවත් උවත්. HDD එකේ වේගය නිසා ඔබේ පරිගනකය slow වෙනවා. උදාහරණයක් ලෙස Windows boot වෙන්න යන කාලය, Application එකක් open කරන්න අයන් කාලය. මෙයට හේතුව HDD එකක් ඇතුලත් ඇත්තේ electronics කොටස් වලට අමතරව යාන්ත්‍රික කොට. ඒ නිසා  මේ යාන්ත්‍රික කොටස් වෙල වේගය ගොඩක් අඩුයි.  මෙම නිසා දත්ත කියවීම ලිවීම ගොඩක් වෙලා ගතවෙනවා.
HDD වල වේගයන් බලන්න ලෙහෙසි ක්‍රම කීපයක් තියනවා. එකක්  RPM එක, දැනට ලංකාවේ තියන ගොඩක්ම HDD 7200RPM නමුත් සමහර වෙලාවලට 5400 ද තියනවා. ඊට අමතරව HDD එකේ ඇති RAM ප්‍රමාණය. ඊලගට වැදගත් වන්නේ Interface එක. ගොඩක් දැන් එක පරිගනක මවුපුවරු SATA 2 සහය දක්වනවා, අලුත් ඒවා SATA3 සහය දක්වනවා. මවු පුවරුවේ ඇති SATA port වල උපරිමයට ගැලපෙන් HDD එකක් තෝයාගැනීම වදගත්. මවු පුවරුව SATA3 නම් එයට SATA2 HDD යෙදීම පරිගනකයයේ උපරිම වේගය ලබානීමට බාදාවක්.
මේ පූර්ණ යාන්ත්‍රික HDD වල වේගය විසදුම ලෙස දැන්  SSD හෙවත් Solid State Drive කියා එනවා, මේවා තනිකර ඉලෙක්ට්‍රෝනික වන අතර වේගය ඉතාමත් වැඩියි. නමුත් ධාරිතාව තවමත් එචර ලොකුවට නෑ වගේම මිලෙන්ද අධිකයි.  SSD එකක් සවිකොට එයට OS එක හා Application දමා, දත්ත HDD එකකට දැමීමෙන් පරිගණකයකට  විශාල වේගයක් ලබාගන්න පුලුවන්. boot වීම තප්පර 5~6කට වගේ. SSD වල විදුලිය භාවිතය ගොඩක් අවම මට්ටමක පවතී.

Motherboard / Main Board / System Board

පරිගණකයකට යොදාගන්නා CPU එකට අනුව motherboard එකක් තොරාගත යුතුවේ. Intel Processor එකක් නම් ගොඩක් වෙලාවට Intel Chip-set සහිත motherboard එකක්ම යොදාගන්න එක තමයි උවිත. නමුත් Motherboard සාදන සාමාගම ගැනද සැලකිලිමත් වෙන්න. බොහෝවිට Intel, Foxconn, MSI, Asus, EVGA වැනි සමාගම් ඉතා හොද motherboard සාදයි. CPU එකට ගැලපෙන් chipset එක තෝරාගැනීම ඉතාමත් වැදගත්. Processor එකේ Maximum Performance ගන්න පුලුවන් වෙන්නේ ඒ අනුවයි. Motherboard එකේ Sata Port , Front & Back Panel USB , RAM Slot, PCI Express Slot PCI Slot තමන්ට උවමණා වන පරිදි තියනවාදයි කියා සොයාබලන්න.

VGA / Video Graphics Array

දැනට එන ගොඩක් motherboard වල on-board VGA එකක් එයි. මෙය බොහෝවිට low end (පහල පන්තියේ) VGA එකක් වෙයි. යම්කිසි කෙනකුට Games play කරන්න ඕනේනම් වෙනම හොද VGA card එකක් සවිකරගත යුතුවෙයි. VGA කාඩ් විකුණන වගේම ගන්න අය සොයාබලන්නේ VGA card එකේ ඇති මතක ප්‍රමාණයයි. නමුත් මෙය නොවෙයි වැදගත් වන්නේ.
VGA card එකක් හරියට පරිගණකයකට  සමාණයි, එහිද RAM, CPU (GPU) පවතිනවා. ඉතින් VGA එකක් ගන්නකොට මුලින්න බලන්න ඕනේ තමන් play කරන games මොනවාද කියලා. ඒ අනුව එම games වල තියනවා තිබිය යුතු VGA එක ගැන විස්තර. එයින් බලන්නෙ ඕනේ GPU (Graphics Processing Unit) එක මොකද කියලා, හරියට පරිගනකයේ CPU එක වගේ. දැන මුල් පෙලේ GPU හදන සමාගෙම දෙක තමයි ATI (AMD) හා Nvidia, Intel සමාගම GPU සෑදුවද මේවා low end වේ.  ඉතින් හොද GPU එකක් තෝරාගන්න, VGA RAM ප්‍රමාණය 512MB වීම බොහීවිට ප්‍රමාණවත් වෙයි.
අදලා VGA card එක තමන්ගේ motherboard එකට ගැලපෙනවාද කියා සොයා බලන්න, දැන් අලුතෙන් එන සියලුම VGA card PCI-E slot එකකට ගැලපෙන ලෙසයි එන්නේ, එවිට motherboard එකේද PCI-E slot එකක් තිවිය යුතුයි.

Power Supply

 ගොඩක් අය සැලකිලිමත් නොවන දෙයක්, පරිගණකයක් හරියට ක්‍රියාත්මක වෙන්න නම් ඒ සදහා හොද Power/විදුලියක් ලබාදියි යුතුයි. අපිට තියන CPU එක, VGA Card එක වගේම DVD, HDD ප්‍රමාණය අනුව අපි මිලදීගන්නා power supply එකේ watt ප්‍රමාණය තීරණ කල යුතුයි.
i7 සහිත HDD දෙකක්, DVD එකක් හා VGA card එකක් ඇතිනම්. බොහෝවිට VGA card එක මගින් ලබාගන්නා watt ප්‍රමාණයද සදහන් කර තියෙනවා. මේ වගේ එකතුව අනුව අදාල Power Supply එක ගත යුතුයි. අඩුම වශයෙන් 500w වත්. නමුත් අද වෙලදපොලේ අඩුවට තියන මේ power supply සදහන් කර ඇති බලය ලබාදෙන්න බෑ. මෙවැනි 450w ලෙස සදහ කරපු power supply එකක මිල රු.1750 පමණ වේ. නමුත් සැබෑ 450w ලාබාගත හැකි power supply එකක් රු.4500~6000 පමණ වෙනවා.  CPU casing සමග එන power supply ද හරියට සදහන් කර ඇති watt ප්‍රමාණයක් ලබාදෙන්න බැරි ඒවා තමයි.
ලබාදෙන බලය පරිගණකයක ප්‍රමාණවත් වන්නේ නැතිනම්, එය stuck වීම, රත් වීම වගේ විවිද දොෂවලට මුහුණ පාන්න පුලුවන්..

ඔන්න මන් ගියා ඔයාලට තවත් දෙයක් කියලා දෙන්න ලගදීම එන්නකෝ..ඔයාලට බුදු සරණයි.!


Monday, March 17, 2014

සදකඩ පහනක කැටයම් ඔපලා ගීතයේ තේරුම
( post number 04 Lalinda madava's blogspot වෙතින් )


සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ.... කියවලා බලන්නකෝ කොච්චර ගැබුරු හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා. සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්... සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී..... තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට, කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී... මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි. සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා, ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී.... මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා.. එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය, දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු... ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා, අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු... මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ... තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්, ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ... පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා, හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා.... තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න, මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා... මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්.. ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි, ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා.... මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා ....

 බුදු සරණයි!ඔන්න මන් ගියා.......

බ්ලොග් post එකකට .GIF animation එකක් ඇතුලත් කරගන්නා අයුරු..

මටත් මේ ගෙන කිසිදු දැනීමක් නොමැති නිසා මමත් මේක අන්තර්ජාලය සොයන වෙලාවේදී ධනිකගේ සිතුවිලි කියන බ්ලොග් එකේ තිබ්බ නිසා මමත් එක එහෙම්මම කියවන අයගේ පහසුව සදහා මේ බ්ලොග් එකට දාන්න තිරණය කළා.

නිකම්ම නිකං picture එකකට වඩා .GIF animation එකක පොඩි ගතියක් තියෙනවානෙ. මගේ post එකකට දවසක් මං .GIF animation එකක් ඇතුලත් කරද්දී පොඩි ගැටළුවක් මතු උනා. අපි සාමාන්‍යයෙන් post එකකට picture එකක් ඇතුලත් කරන විදියට .GIF animation එකක් ඇතුලත් කලාම ඒක post එකේ පෙන්නන්නෙත් නිකම්ම නිකං picture එකක් විදියට. ඒ කියන්නෙ animate වෙන්නෙ නෑ. ඔය පැත්තෙන් දාලා තියෙන්නෙ ඒ වගේ ඇතුලත් කරපු .GIF animation එකක්.

මං හිතන විදියට මෙතනදි වෙන්නෙ අපි upload කරන picture එක Blogger විසින් save කරගන්න තැනින් එයාට ඒක render කරන්න බෑ animation එකක් විදියට. එයාට ඒක එතැනින් render කරන්න පුළුවන් picture එකක් විදියට විතරයි මගෙ හිතේ. ඉතිං මට හිතුනා අපේ animation එක save වෙන තැන වෙනස් කලොත් වැඩේ හරියයි කියලා. ඔන්න ඉතිං එහෙම කරලා බලපුවාම වැඩේ හරිගියා. හැමෝමත් එක්ක මං භාවිතා කරපු උපක්‍රමේ බෙදා ගන්න ඔනා කියලා හිතිච්ච හින්දයි මේ post එක ලියන්න හිතුවේ. ඔන්න එහෙනම් ක්‍රමේ...


1. යන්න HotLink Files වගේ Free Direct Files Hosting කරන වෙබ් අඩවියකට. ඒකෙ account එකක් නැත්නම් Register වෙලා Login වෙන්න. (HotLink Files ම වෙන්න ඕනා නෑ, හැබැයි අපි upload කරන file එකේ Direct Link එක අපිට දෙන File Hosting එකක් වෙන්න ඕනා. 4shared වගේ ඒවා වල Direct Link එක අපිට දෙන්නෙ නෑ)

2. Login උනාට පස්සේ අපිට කැමති ‍file එකක් upolad කරන්න පුළුවන්. දැන් අර අපිට post එකට ඇතුලත් තරගන්න ඕනා .GIF animation එක upload කරන්න.

3. Upload වෙලා ඉවර උනාම අපි upload කරපු file එකේ links ටික දිස් වෙනවා. එතැනින් 'Just the direct URLs' කියන එක තෝරලා, එවිට දිස් වන URL එක copy කරගන්න. (අවශ්‍ය නම් තාවකාලිකව කොහේ හරි paste කරලා save කරගන්න)

4. දැන් අපේ blog එකේ animation එක ඇතුලත් කල යුතු post එකේ අදාල තැනට ගිහින් සාමාන්‍ය විදියට picture එකක් ඇතුලත් කරගන්නා ආකාරයට hard එකේ තියෙන .GIF animation එක ඇතුලත් කරගන්න.

5. දැන් post එක ලියන තැන උඩ තියන Edit Html කියන tab එක තොරලා html editor එකට යන්න. ඒකෙ තියෙන අපි ඇතුලත් කරපු picture එකට අදාල hyper text එක හොයාගන්න.

 6. දැන් ඒ html text එක ඇතුලෙ තියෙන අපේ picture එකට අදාල URL එක හොයාගන්න ("http:// වලින් පටන් ගන්න එකක්)

7. දැන් ඒ සම්පූර්ණ URL එක delete කරලා ඒ වෙනුවට අපි අර 
කලින් copy කරගත්ත HotLink files වල direct URL එක paste කරන්න. (සමහර විට picture එකේ hyper text එක තුල picture එකේ URL එක දෙපාරක් තියෙන්න පුළුවන්. එහෙම උනොත් ඒ හැම තැනකම HotLink files වල URL එක paste කරන්න)


8. ඔන්න වැඩේ ඉවරයි. දැන් ආයෙත් post එක ලියන තැන උඩ තියන compose කියන tab එකට ගියාම අපේ animation එක animate වෙනවා බලාගන්න පුළුවන්. දැන් ඉතිං තියෙන්නෙ post එක publish කරන එකයි...!

දැන් හරිනේ...comment එකකුත් ගෙන යන්න...ඔයාලට බුදු සරණයි...දෙවි පිහිටයි....


Sunday, March 16, 2014

ලස්සන mouse pointer එකක් Blog එකට add කරමු
( post number 3 Lalinda madava's blogspot වෙතින් )
ඉතින් යාලුවනේ කොහොමද ජිවිතේ...හොදි නේද...මන් අද ඔයලට කියලා දෙන්න යන්නේ බ්ලොග් එකට mouse pointer එකක් දාගන්නේ කොහොමද කියලා..මේක නම් ඔයාලට දාගන්න ලේසි...

01.මුලින්ම ඔයාගේ blog account එකේ temple වල edit HTML යන්න..ඊට පස්සේ  Expand Widget Templates වලට ටික් එකක් දාල ctrl F ගහල එන search box එක මගින් </head>හොයා ගන්න..
02.එකට උඩින් මේ code ටික copy කරගන්න...

      <style type="text/css">body, a:hover {cursor: url(http://safir85.ucoz.com/24work-blogspot/mouse-cursor/COOL_BLUE_OUTER_GLOW_POINTER-www.24work.blogspot.c.cur), progress;}</style><a href="http://24work.blogspot.com" target="_blank" title="Blogger Widgets"><img src="http://safir85.ucoz.com/24work-blogspot/cursor-24work-10.png" border="0" alt="Blogger Widgets" style="position:absolute; top: 0px; right: 0px;" /></a>

දැන් save කරගන්න...කොහොමද දැන් වැඩේ හරි නේද..ඔන්න මම ගියා..ඔයාලත් ඉතින් comment එකක් දාගෙනම යන්නකෝ... 

බ්ලොග් එක තමන් හැදුවා වගේ ලස්සන කරගමු...... 
( post number 02 Lalinda madava's blogspot වෙතින් )

Lalinda madava's blogspot වෙත සාදරයෙන් පිලිගන්නවා....
මන් ඔයාලට කියලා දෙන්න යන්නේ බ්ලොග් කරන කට්ටියට වැදගත් වන දෙයක් ගැන..මේක පොඩි html වැඩක්......
මේකෙන් පුළුවන් අපි ඔහේ මෙහේ දාන widget නිකම්ම නිකම් නෙතුව ටිකක් ලස්සන කරලා දාන්න.මේකෙන් ලස්සන වැඩි වෙනවා..


ගොඩක් Widget දැම්මම ඒවා Left Align වෙලා තමයි Save වෙන්නේ. ඒත් අපේ Blog Template එකේ Side Bar එක දිග නම් දකුණු පැත්තෙ ගොඩක් ඉඩ ඉතුරු වෙනවා. ඒක නිසා බ්ලොග් එක කැත වෙනවා. මුලු HTML Code එකම Center කරලා දැම්මනම් ලස්සනට තියෙනවා.

මෙන්න මෙහෙමෙයි widget center කරන්නේ....                            

ඔයා දාන්න හදන widget එකට උඩින් මෙන්න මේ code එක දාන්න..
       
              <div style="text-align: center;"> 

දැන් widget එකට පහලින් මෙන්න මේ code එක දාන්න..
       
                                </div>

කොහොමද වැඩේ නියමයි නේද...එහෙනම් comment එකකුත් දාගෙනම යන්නකෝ...මන් ලගදීම එනවා post number 03 අරගෙන....බුදු සරණයි..!


Airtel Unlimited Message ලේසියෙන්ම යවමු 
( post number 01 Lalinda madava'sblogspot වෙතින් )
මම මේ දාන පලවෙනි පොස්ට් එක මම මගේ තියන දැනුම ඔයගොල්ලන් සමග බෙදා ගන්නට දරන වැයම ජයගැනීමට ඔයාලත් ම සමග සිටියොත් පුළුවන් වේවි.ඒ නිසා හැමදාම ම සමග ඔයගොල්ලොද ඉන්න ලෙස ඉල්ලා සිටිනවා..එහෙනම් මන් පොස්ට් එක ලියන්න පටන් ගන්නවා...ජය වේවා!

 මෙම ක්‍රමය යොදාගන්න් පුළුවන් airtel sim යොදාගන්න අයට විතරයි ..මෙම ක්‍රමයත් මම හොයාගත්තේ මගේ යාළුවෙක්ගෙන් මොකද මටත් අවශ්‍ය වෙලා තිබ්බේ airtel message unlimited කරගන්න ක්‍රමයක් හොයාගන්න .මේක හොය හොය ඉද්දි තමයි හම්බුනේ මොකද මේ කාලෙට love කරන්නේ නෙතුව වයසට ගියාම love කරන්නයැ..කොහොමත් message 500 නම් දවසින් ඉවරයි නේ එහෙම නේද ... ඔන්න ඉතින් ඔයාලත් කරලම බලන්නකෝ...     ඔයාලත් මේක මම කියන විදිහට step by step කරගන්නකො..
                                         

01.මුලින්ම ඔයාලා facebook ගිණුමක් හදාගන්න ඕනේ මේක දෙන්නටම තියෙන්න ඕනේ..තියනවනම් ප්‍රශ්නයක් නැ..
02.දැන් ඔය අරයගෙ facebook එකට request එකක් දාල friend කරගන්න.
03.දැන් දෙන්නගෙම ගිනුම් වල facebook message  සේවය සක්‍රිය කර ගන්න.
04.ඊට පස්සෙ එක්කෙනෙක් offline ඉන්නකොට අනිත් කෙනගෙ ගිනුමෙන් fb msg එකක් දාන්න.එතකොට අනිත් කෙනාට 32665860 මෙන්න මෙ වගේ නම්බර් එකකින් offline ඉන්න කෙනාගෙ    phone එකට  msg එකක් එයි.දැන් ඒ ආපු number එක save කරගන්න.
හැබැයි මතක තියාගන්න  online ඉද්දි message දාන්න එපා සල්ලි කැපෙනවා.
05.දැන් අරයා  ඔයාට message එකක් දාන්න ඇතිනේ එකෙනුත් ආව number එක ඔය save කරගන්න..දැන් ඔය number දෙක අතර ගහන message එකකටවත් message 500 message අඩු වෙන්නෙත් නැ...හැබැයි මතක තියාගන්න ඔය පාවිච්චි කරන්නේ 1202,1280,1100 වගේ phone එකක් නම් එයා එවන message එකටම reply කරට කිසිම අවුලක් නැ..එත් අනිත් phone වල reply කලොත් සල්ලි කැපෙනවා එක නිසා new message එකක් ගහන්න අර ඔය save කර ගත්ත number එකට message කරන්න..හැම තිස්සෙම new text  message කරන්න නැත්නම් sorry ම තාම ඔයාගේ සල්ලි වලට....
මේකත් මතක තියාගන්න හදිස්සියේ message block උනොත් රුපියල් 20 card එකක් දාගන්න.

ඔයාලගේ අදහස් මට යොමුකරන්න එකෙන් පොස්ට් ලිවීමට මට දිරියක් වනු ඇත....මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනම් comment එකක් දාන්න...ඔයාලට බුදු සරණයි...

About me

මගේ තියන දැනුම ඔබ සමග බෙදා ගැනීම සදහා මම මේ බ්ලොග් එක නිර්මාණය කල අතර කිසියම් වැරද්දක් ඇත්නම් කියන ලෙස මගේ බ්ලොග් එක කියවන සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි.හුගක් දුරට වැරදි අඩුපාඩු නොවන බැවින් අතපසු වීමකින් වැරදි සිදු විය හැක. මම මේ බ්ලොග් එක දැනට තනියම කරන නිසා ලගදීම තවත් එක මේ සම්බන්ධව මොලයක් ඇතුලත් කිරීමට අදහසක් ඇත. ඔබගේ යෝජනා චෝදනා comment මගීන් හෝ facebook හරහාද ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටමි.

Category 3

?max-results="+numposts+"&orderby=published&alt=json-in-script&callback=showrecentposts\"><\/script>");
?max-results="+numposts+"&orderby=published&alt=json-in-script&callback=showrecentposts0\"><\/script>");

Sponsors

Category 2

Receive all updates via Facebook. Just Click the Like Button Below

Powered By Blogger Widgets

?max-results="+numposts4+"&orderby=published&alt=json-in-script&callback=showrecentposts2\"><\/script>");

Category 1

Lalinda madava's blogspot © 2013 Designed by Premium Blog Templates Supported by Best Blogger Templates